Friday, February 1, 2013

තටු ලැබුණෙ ඉගිලෙන්න...

තහනමක් නැත නුඹට
නිල් ගුවන සරන්නට
නේක හැඩතල අඳින
වලාකුළු සිඹින්නට
කැමතියි ඉන්නවානම් නුඹ
නොයා මගෙ නෙත් ඉමෙන් පිට
සිතෙනමුත් කියන්නට
පියාඹා නොයන ලෙස
 කමක් නෑ ඒවුණත්
 තටු ලැබුණෙ ඉගිලෙන්න...

6 comments:

  1. ඇත්තටම ලස්සන නිර්මාණයක්.පේළි කීපයකින් ලොකු කථාවක් කියල තියෙනව අපූරුවට...

    //කැමතියි ඉන්නවානම් නුඹ
    නොයා මගෙ නෙත් ඉමෙන් පිට//
    // කමක් නෑ ඒවුණත්
    තටු ලැබුණෙ ඉගිලෙන්න...//

    +++++++++++++++

    ReplyDelete
  2. //කැමතියි ඉන්නවානම් නුඹ
    නොයා මගෙ නෙත් ඉමෙන් පිට//

    ලස්සනයි :)

    ReplyDelete
  3. Lassanai! thawa thawa ..... liyanna digatama ...! -Sanjaya

    ReplyDelete