Monday, May 4, 2015

ආදරේ කියලා අපි හිතනදේ ඇත්තටම ආදරේ වෙන්නත් පුළුවන් නොවෙන්නත් පුළුවන්.  ඒනිසාම ඒ ආදරේමද කියල දැන ගන්නකන් අපි ගොඩක් වෙලාවට අපේ හැගීම් හංගගෙන ඉන්නවා. තවත් විටක අතීත අත්දැකීමක් නිසා හිතේ තියනදේ කියන්නැතුව ඉන්නවා. තවත් වෙලාවක ඒ ඇත්තටම ආදරේ වුනත් වෙන කෙනෙක්ගෙ උරුමය නිසා හිත හංගගෙන ඉන්නවා. ඒ හැම අවස්තාවකම හේතුසහගතයි.

ඒ වගේම අපි නිකමටවත් නොහිතන දෙයක් ආදරේ වෙන්නත් පුළුවන්. හදිස්සියේම ඇවිත් හදිස්සියේම යන්නත් පුළුවන්, නොයන්නත් පුළුවන්. මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හරිම අවිනිශ්චිතයි. ඒනිසා ගෙවෙන හැම මොහොතක්ම ආදරෙන් ගතකරන්න. ජීවිතේ මොනදේ දුන්නත් ජීවිතේට ආදරේ දෙන්න.

2 comments:

  1. ආදරේ සාපේක්ශයි... ලබන්නාගේ හා පුදන්නාගේ හිතන පතන විදිය අනුව තමයි ආදරේ ප්‍රමාණය හා ස්වරූපය තීරණය වෙන්නේ.. මොනවා උනත් අන්තිමට කියූ එක සම්පූර්ණ ඇත්ත..
    // මේ ජීවිතේ හරිම පුදුමාකාරයි. හරිම අවිනිශ්චිතයි. ඒනිසා ගෙවෙන හැම මොහොතක්ම ආදරෙන් ගතකරන්න.//
    දැන් එතකොට මේකට මාතෘකාවක් දැම්මේ නැත්තේ ආදරේ ඒ වගේ කියන්නද? :)

    ReplyDelete
  2. අකුරු හතරක් තිබ්බට කවදාවත් අකුරු වලින් ලියලා ඉවර කරන්න බැරි, විස්තර කරන්න බැරි හැඟීමක්ද, නැත්නම් පදාර්ථයක්ද, තරංගයක්ද එහෙමත් නැත්නම් මායාවක්ද කියලා විස්තර කරන්න බැරි දෙයක්..

    //ජීවිතේ මොනදේ දුන්නත් ජීවිතේට ආදරේ දෙන්න. //
    අනිවාර්යෙන්ම.. ආදරේ කරන්න ජිවත් වෙන්න.. ජිවත් වෙන්න ආදරේ කරන්න...

    ReplyDelete