Sunday, May 10, 2015

ආරාධනා...

දැන්මම කියලා තියන්නම්
එදාට වෙලාවක් නැතිවෙයි
කැරම් බෝඩ් එකයි
කාඩ් කුට්ටමයි ලෑස්තියි
හොඳට ඉඟුරු දාපු තේකයි
චොකලට් බිස්කටුයි
ගෝල්ඩ් මාරියි;
මං ටිකිරි මාරි වලට අකමැතියි

සුදු නැතුවට කමක් නෑ
ඔය හැමදාම අඳින
පාට ගියපු ටී ෂර්ට් එකයි
ඩෙනිමයි හොඳටම ඇති
ඇවිත් යන්න එන්න
මේ මාසේ අන්තිමට
මගේ මළගම දාට

2 comments:

  1. නිවාඩු දවසක් නම් කියපන්

    ReplyDelete
    Replies
    1. මේ මාසේ අන්තිම 30, 31 නිවාඩුනේ :p

      Delete